Skip to main content

නාට්‍ය ශෛලිය

 

නාට්‍ය ශෛලිය

නාට්‍යයක ප්‍රකාශන විලාශය නාට්‍ය ශෛලිය ලෙස හඳුන්වා දිය හැකිය. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව ප්‍රධාන නාට්‍ය ශෛලීන් ද්විත්වයකි.

(1) ලෝක ධර්මී

(2) නාට්‍ය ධර්මී

ලෝක ධර්මී ශෛලිය

භරත මුනිවරයා නාට්‍ය ශාස්ත්‍රයේදී ලෝක ධර්මී ශෛලිය හඳුන්වා දී ඇත්තේ මෙසේය. 'චරිතයන්ගේ ස්වාභාවික ගති පැවතුම් පදනම් කොටගෙන සම්පාදිතව ඇත්නම්, එය ලෞකික ක්‍රියා ඇතුළත්ව පවත්නේ නම්, අංග ලීලාවන් නොමැති ස්වාභාවික අභිනය ක්‍රමයකින් යුක්ත වේ නම් එය ලෝක ධර්මී වේ.'

ඒ අනුව සැබෑ ලෝකයේ සිදුවන පරිද්දෙන්ම නාට්‍යයක ක්‍රියා හා සංවාද යථා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම ලෝක ධර්මී නම් වේ.

දේශීය උදාහරණ

 (1)  සුගතපාල ද සිල්වා - බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්

 (2) ආර්. ආර්. සමරකෝන් - කැලණි පාලම, අහසින් වැටුණු මිනිස්සු

 (3) රංජිත් ධර්මකීර්ති - මෝදර මෝල

(4) ප්‍රේමරංජිත් තිලකරත්න - වහලක් නැති ගෙයක්

විදේශීය උදාහරණ

 (1) හෙන්රික් ඉබ්සන් බෝනික්කි ගෙදර (Doll's House) ජන හතුරා (An Enemy of the People) සමාජයේ කුළුණු (Pillars of Society)

(2) ඇන්ටන් චෙකෝෆ් - චෙරිවත්ත (The Cherry Orchard) මුහුදු ලිහිණියා (The Seagull)

නාට්‍ය ධර්මී ශෛලිය

රතමුනි නාට්‍ය ශාස්ත්‍රයේ නාට්‍ය ධර්මී ශෛලිය හඳුන්වා දී ඇත්තේ මෙලෙසිනි.

'යම්කිසි නාට්‍යයක කාර්ය, භාව හා සංවාද තාත්වික ගුණය ඉක්මවයි නම්, අංග ලීලාවක් සහිත අභිනයන් ද නාට්‍යමය ලක්ෂණවලින් ද යුක්ත වේ නම් එය නාට්‍ය ධර්මී ලෙස හඳුන්වයි. මෙහිදී සතර අභිනය සාමාන්‍ය ජීවිතයට ළං නොවන අයුරින් හසුරුවයි'

මේ අනුව තාත්විකත්වයෙන් දුරස්ථ වූත්, නැටුම්, ගැයුම්, වැයුම් බෙහෙවින් උපයෝගි කරගන්නා වූත් නිශ්චිත සංකේත හා රංග සම්මුති භාවිත කරන්නා වූත් ශෛලිය නාට්‍ය ධර්මී ශෛලිය ලෙස හඳුන්වා දිය හැකිය.

දේශීය උදාහරණ - 1. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර - මනමේ, සිංහබාහු, ලෝමහංස

2. සොකරි, කෝලම්, නාඩගම් වැනි නාට්‍ය සම්ප්‍රදායන්

විදේශීය උදාහරණ - ග්‍රීක නාට්‍යය, සංස්කෘත නාට්‍ය, චීන පීකිං ඔපෙරා, ජපන් නෝ, කබුකි

* ඕනෑම නාට්‍යයක් ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී සම්ප්‍රදායන්ගේ සංකලනයකි.

උදා...

 (1) ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍යය ලෝක ධර්මී ශෛලියේ නාට්‍යයකි. එහි ගද්‍ය සංවාද භාවිතා කරයි, සාත්වික සහ ආංගික අභිනය ස්වභාවිකව, සාමාන්‍ය ජීවිතයට සමීප ආකාරයකින් සිදු කරයි. රංග වස්ත්‍ර සහ අංග රචනය සාමාන්‍ය ජීවිතයට සමීප ආකාරයකින් නිර්මාණය කර ඇත.

නමුත් මෙහි නාට්‍ය ධර්මී ලක්ෂණ දක්නට ලැබේ.

උදා...

(1) පාලම, පහන් කණුව, වතුර පයිප්පය ආදිය ස්වාභාවික දෑ නොවේ. සංකේත පමණි.(2) ඇතැම් ක්‍රියා අනුරූපණාත්මකව සිදු කරයි. (කරාමයකින් වතුර බීම, කෑම කෑම, පිඟාන සේදීම)

(2) බර්ටෝල්ට් බෙ‍්‍රෂ්ට්ගේ ඛ්ධජචඵඪචද ඛ්ඩචතඬ ඛ්ඪපජතඥ නාට්‍ය ඇසුරින් හෙන්රි ජයසේන සිංහලයට පරිවර්තනය කළ 'හුණුවටයේ කථාව' නාට්‍ය ධර්මී ශෛලියේ නාට්‍යයකි. එහි පොතේ ගුරෙක් සහ ගායක කණ්ඩායමක් දක්නට ලැබේ. ඇතැම් චරිත සඳහා අර්ධ වෙස් මුහුණු භාවිත කරයි. (නටාලියා, ජෝර්ජ් අබෂ්විල්ලි) අවස්ථාවන්, හැඟීම්, පරිසරය වර්ණනා කිරීමට ගීත ගායනා කරයි.

නමුත් මෙහි ලෝක ධර්මී ලක්ෂණ ද දක්නට ලැබේ.

උදා -

(1) ගද්‍ය සංවාද දක්නට ලැබීම

 (2) ආංගික හා සාත්වික අභිනයන් ස්වභාවිකව, සාමාන්‍ය ජීවිතයට සමීප ආකාරයකින් සිදු කිරිම.

 (3) සරල රංග භූමි අලංකරණ සහ රංග භාණ්ඩ භාවිත කිරිම.

මේ අනුව ඕනෑම නාට්‍යයක ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී ලක්ෂණ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන බව අපට අවබෝධ කර ගත හැකිය.

Comments

Post a Comment

Popular posts from this blog

සතර අභිනය

  . ..සතර අභිනය ..... අභිනය යනු ඉදිරියට ගෙන යාම හෙවත් ගෙනහැර පෑමයි.භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය නම් ග්‍රන්ථයේ  අභිනයන් හතරක් පිලිබඳව කරුණු දක්වා ඇත.එම අභිනයන් සතර අභිනය ලෙස හැඳින්වේ... 1) ආංගික අභිනය  2) වාචික අභිනය  3) සාත්වික අභිනය  4) ආහාර්ය අභිනය   🔴 ආංගික අභිනය යනු :  නලු නිලියන් තම අඟ පසඟ චලනයන්  මගින් අදහස් ප්‍රකාශ කිරීමයි.අත් පා හැසිරවීම,ගමන් විලාශය,ආහාර ගැනීම ආදී මිනිසාගේ චලනයන් ආංගික අභිනයෙන් දැක්වේ   🔴 වාචික අභිනය යනු:       දෙබස් , ගීත මගින් (වචනයෙන්) අදහස් ප්‍රකාශ කිරීමයි 🔴 සාත්වික අභිනය යනු:                                                                            මුහුණේ ඉරියව් මගින් අදහස් ප්‍රකාශ කිරීමයි.දුක,සතුට බිය,කෝපට,පුදුමය ආදී හැ‍ඟීම් සාත්වික         අභිනයෙන් පෙන්විය හැක 🔴 ආහාර්ය අභිනය යනු: ...

සමාරෝපණය

  සමාරෝපණය නළුවා සිය භාව්‍ය ස්වරූපය අතහැර   (උපතින් ලද ස්වරූපය )   වෙනත් කෙනෙකුගේ   භාව්‍ය   ස්වරූපයන් ආරෝපණය කරගැනීම සමාරෝපණය නම් වේ.   ප්‍රවිෂ්ඨ වීම , ආරූඪ වීම , ආවේශ වීම , සමවැදීම , මෙයට කියන සමාන වචන වේ.    එහෙත් සමාජයෙහි ආවේශ වීම ආරූඪ යන වචන භාවිතා කිරීමේදී සැබෑ ලෙසම සිදු වන බව විශ්වාස කෙරේ.   යමෙකුට   යක්ෂාවේශ වෙනවා දේවාරූඪ වෙනවා යනුවෙන් භාවිතා කිරීමේදී සත්‍ය ලෙසම එය සිදුවන බව විශ්වාස කෙරේ.මිනිස්සුන් එය බොරුවක් ලෙස නොසලකති.   නමුත් නාට්‍යයේදී නළුවා සත්‍ය ලෙසම චරිතයට සමාරෝපය නොවේ. එතුල ඇත්තේ ව්‍යාජ සමාරෝපණයකි.   නළුවා සිය පුද්ගලිකත්වය අමතක   කර කෙනෙකුගේ පුද්ගලිකත්වයක්   ආරූඪ කරගැනීම සමාරෝපණයේදී සිදුවේ.                    සමාරෝපය කොටස් දෙකකට බෙදේ     1) අභ්‍යන්තර සමාරෝපය   2) බාහිර සමාරෝපය   අභ්‍යන්තර සමාරෝපය නලුවා යම් චරිතයකට ප්‍රවිෂ්ට වී එහි චරිතය තුළ ජීවත් වෙමින් එය ප්‍රකාශයට පත් කිරීම අභ්‍ය...