Skip to main content

සමාරෝපණය


 සමාරෝපණය

නළුවා සිය භාව්‍ය ස්වරූපය අතහැර  (උපතින් ලද ස්වරූපය )  වෙනත් කෙනෙකුගේ භාව්‍ය ස්වරූපයන් ආරෝපණය කරගැනීම සමාරෝපණය නම් වේ.  ප්‍රවිෂ්ඨ වීම, ආරූඪ වීම, ආවේශ වීම, සමවැදීම, මෙයට කියන සමාන වචන වේ.   එහෙත් සමාජයෙහි ආවේශ වීම ආරූඪ යන වචන භාවිතා කිරීමේදී සැබෑ ලෙසම සිදු වන බව විශ්වාස කෙරේ.  යමෙකුට  යක්ෂාවේශ වෙනවා දේවාරූඪ වෙනවා යනුවෙන් භාවිතා කිරීමේදී සත්‍ය ලෙසම එය සිදුවන බව විශ්වාස කෙරේ.මිනිස්සුන් එය බොරුවක් ලෙස නොසලකති.  නමුත් නාට්‍යයේදී නළුවා සත්‍ය ලෙසම චරිතයට සමාරෝපය නොවේ. එතුල ඇත්තේ ව්‍යාජ සමාරෝපණයකි.  නළුවා සිය පුද්ගලිකත්වය අමතක  කර කෙනෙකුගේ පුද්ගලිකත්වයක්  ආරූඪ කරගැනීම සමාරෝපණයේදී සිදුවේ.

                   සමාරෝපය කොටස් දෙකකට බෙදේ 

 1)අභ්‍යන්තර සමාරෝපය

 2)බාහිර සමාරෝපය

  අභ්‍යන්තර සමාරෝපය

නලුවා යම් චරිතයකට ප්‍රවිෂ්ට වී එහි චරිතය තුළ ජීවත් වෙමින් එය ප්‍රකාශයට පත් කිරීම අභ්‍යන්තර සමාරෝපයයි. ආංගික අභිනය හා වාචික අභිනය මගින් චරිත අභ්‍යන්තරය ඔහු නිරූපණය කරන අතර ප්‍රේක්ෂකයා එමගින් චරිත ස්වභාවය අවබෝධ කරගනියි.

උදා :

 මහාචාර්ය එදිරිවීර සරත් සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ හැසිරීම් රටාවෙන් ඔහුගේ චරිතයේ පවතින ධාරණ ප්‍රේමය,ශෝකය හා ප්‍රේමය පිළිබිඹු වේ.


   
උදා :

සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස නාට්‍යයේ යසලාලකතිස්ස රජුගේ චරිත නිරූපණයෙන් රජුගේ චරිතයේ පවතින ස්ත්‍රී ලොල් බව හා සුරාවට ලොල් බව පෙන්නුම් කරයි.

දේශීය ගැමි නාට්‍ය හා ශාන්තිකර්ම තුළ අභ්‍යන්තර සමාරෝපණ ක්‍රියාවලිය සාර්ථකව දැකිය හැක.

උදා :

පහතරට ප්‍රදේශයේ පැවැත්වෙන කෝලම් ගැමි නාට්‍යයේ දී නොංචි අක්කාගේ චරිතයට සමාරෝපය වන නළුවා හාස්‍යජනක මෙන්ම කපටි ගති ගුණ පිළිබිඹු කරමින් සරාගික අයුරින් හැසිරෙමින්  අභ්‍යන්තර සමාරෝපය සිදු සිදුකරයි.

  බාහිර සමාරෝපය

නලුවා සිය රංග කාර්යයේ දී භාවිතා කරන වේදිකා පසුතලය සහිත රංගභූමිය මෙයින් අදහස් කෙරේ .  ගැමි නාට්‍ය හා ශාන්තිකර්ම තුළ දක්නට ලැබෙනුයේ එළිමහන් රංග ස්ථානයයි. මෙකී පුද්ගල, ද්‍රව්‍යමය හා ස්ථානීය සමාරෝපය එකිනෙකට බැඳී පවතී. ඇදුම් පැළඳුම් හා අංග රචනයෙන් අදාල වේෂ‍ය ලබාගැනීම බාහිර සමාරෝපයයි. මෙය ප්‍රේක්ෂකයාට දෘශ්‍යමාන වෙයි . බාහිර සමාරෝපය කොටස් තුනකට බෙදා දක්වයි.

1)  පුද්ගල සමාරෝපය

2)  ද්‍රව්‍යමය සමාරෝපය

3)ස්ථානීය සමාරෝපය

 1)පුද්ගල සමාරෝපය

  නලුවා  ඇඳුම් පැළඳුම් හා අංග රචනයෙන් යම් චරිතයකට පිවිසීම මෙයින් අදහස් කෙරේ. නළුවා වේදිකාවට පිවිසෙත්ම ප්‍රේක්ෂකයා එකී චරිතය අවබෝධ කරගනුයේ පුද්ගල සමාරෝපයෙනි. 

                               උදා :

මනමේ නාට්‍යයේ රතු කළු තීරු ගණනාවකින් යුත් මනමේ කුමරියගේ වෙස් මෝස්තරය මෙහි කළු  තීරු මගින් දුක්ඛිත ස්වභාවයත් රතු තීරු මගින් සරාගික බවත් ප්‍රදර්ශනය කෙරේ.

දේශීය ගැමි නාට්‍ය හා ශාන්තිකර්ම තුළද මෙය දැකිය හැක. මිනිසුන් ලෙස සන්නි යකුමේදී එකී රෝගයට ගැළපෙන ලෙස වෙස්මුහුණු හා ඇඳුම් මගින්  පිරිමි යකදුරන් සන්නි යකුගේ චරිතයට සමාරෝපය වේ.

 උදා : සොකරි නාට්‍යයේදී පිරිමි නළුවෙකු විසින් සොකරිගේ චරිතයට පිවිසීම.

2)  ද්‍රව්‍යමය සමාරෝපය

නලුවා සිය රූපන කාර්යයේ දී භාවිතා කරන රංග භාණ්ඩ හා වේදිකාවේ තැන්පත් කර ඇති රංග භාණ්ඩ මෙයින් අදහස් කෙරේ .



උදා : එදිරිවීර සරත් සරච්චන්ද්‍රයන්ගේ  සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ හා සිංහබාහුගේ අතෙහි වූ දුණු ඊතල  



දේශීය ගැමි නාට්‍ය හා ශාන්තිකර්මවල අමුද්‍රව්‍ය වලින් සකස්කරගත් රංග භාණ්ඩ දක්නට ලැබේ.

උදා : සොකරි නාටකයේ පරයාගේ අතෙහි වූ ගෙවී ගිය ඉලපත් කොටය

3)ස්ථානීය සමාරෝපය

නලුවා සිය රංග කාර්යයේ දී භාවිතා කරන වේදිකා පසුතලය සහිත රංගභූමිය මෙයින් අදහස් කෙරේ .  ගැමි නාට්‍ය හා ශාන්තිකර්ම තුළ දක්නට ලැබෙනුයේ එළිමහන් රංගස්ථානයයි.






මෙකී පුද්ගල, ද්‍රව්‍යමය හා ස්ථානීය සමාරෝපය එකිනෙකට බැඳී පවතී.









Comments

Popular posts from this blog

සතර අභිනය

  . ..සතර අභිනය ..... අභිනය යනු ඉදිරියට ගෙන යාම හෙවත් ගෙනහැර පෑමයි.භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය නම් ග්‍රන්ථයේ  අභිනයන් හතරක් පිලිබඳව කරුණු දක්වා ඇත.එම අභිනයන් සතර අභිනය ලෙස හැඳින්වේ... 1) ආංගික අභිනය  2) වාචික අභිනය  3) සාත්වික අභිනය  4) ආහාර්ය අභිනය   🔴 ආංගික අභිනය යනු :  නලු නිලියන් තම අඟ පසඟ චලනයන්  මගින් අදහස් ප්‍රකාශ කිරීමයි.අත් පා හැසිරවීම,ගමන් විලාශය,ආහාර ගැනීම ආදී මිනිසාගේ චලනයන් ආංගික අභිනයෙන් දැක්වේ   🔴 වාචික අභිනය යනු:       දෙබස් , ගීත මගින් (වචනයෙන්) අදහස් ප්‍රකාශ කිරීමයි 🔴 සාත්වික අභිනය යනු:                                                                            මුහුණේ ඉරියව් මගින් අදහස් ප්‍රකාශ කිරීමයි.දුක,සතුට බිය,කෝපට,පුදුමය ආදී හැ‍ඟීම් සාත්වික         අභිනයෙන් පෙන්විය හැක 🔴 ආහාර්ය අභිනය යනු: ...

නාට්‍ය ශෛලිය

  නාට්‍ය ශෛලිය නාට්‍යයක ප්‍රකාශන විලාශය නාට්‍ය ශෛලිය ලෙස හඳුන්වා දිය හැකිය. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව ප්‍රධාන නාට්‍ය ශෛලීන් ද්විත්වයකි. (1) ලෝක ධර්මී (2) නාට්‍ය ධර්මී ලෝක ධර්මී ශෛලිය භරත මුනිවරයා නාට්‍ය ශාස්ත්‍රයේදී ලෝක ධර්මී ශෛලිය හඳුන්වා දී ඇත්තේ මෙසේය. 'චරිතයන්ගේ ස්වාභාවික ගති පැවතුම් පදනම් කොටගෙන සම්පාදිතව ඇත්නම්, එය ලෞකික ක්‍රියා ඇතුළත්ව පවත්නේ නම්, අංග ලීලාවන් නොමැති ස්වාභාවික අභිනය ක්‍රමයකින් යුක්ත වේ නම් එය ලෝක ධර්මී වේ.' ඒ අනුව සැබෑ ලෝකයේ සිදුවන පරිද්දෙන්ම නාට්‍යයක ක්‍රියා හා සංවාද යථා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම ලෝක ධර්මී නම් වේ. දේශීය උදාහරණ  (1)  සුගතපාල ද සිල්වා - බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්  (2) ආර්. ආර්. සමරකෝන් - කැලණි පාලම, අහසින් වැටුණු මිනිස්සු  (3) රංජිත් ධර්මකීර්ති - මෝදර මෝල (4) ප්‍රේමරංජිත් තිලකරත්න - වහලක් නැති ගෙයක් විදේශීය උදාහරණ  (1) හෙන්රික් ඉබ්සන් බෝනික්කි ගෙදර (Doll's House) ජන හතුරා (An Enemy of the People) සමාජයේ කුළුණු (Pillars of Society) (2) ඇන්ටන් චෙකෝෆ් - චෙරිවත්ත (The Cherry Orchard) මුහුදු ලිහිණියා (The Seagull)...