සමාරෝපණය
නළුවා සිය භාව්‍ය ස්වරූපය අතහැර (උපතින් ලද ස්වරූපය ) වෙනත් කෙනෙකුගේ භාව්‍ය ස්වරූපයන් ආරෝපණය කරගැනීම සමාරෝපණය නම් වේ. ප්‍රවිෂ්ඨ වීම, ආරූඪ වීම, ආවේශ වීම, සමවැදීම, මෙයට කියන සමාන වචන වේ. එහෙත් සමාජයෙහි ආවේශ වීම ආරූඪ යන වචන භාවිතා කිරීමේදී සැබෑ ලෙසම සිදු වන බව විශ්වාස කෙරේ. යමෙකුට යක්ෂාවේශ වෙනවා දේවාරූඪ වෙනවා යනුවෙන් භාවිතා කිරීමේදී සත්‍ය ලෙසම එය සිදුවන බව විශ්වාස කෙරේ.මිනිස්සුන් එය බොරුවක් ලෙස නොසලකති. නමුත් නාට්‍යයේදී නළුවා සත්‍ය ලෙසම චරිතයට සමාරෝපය නොවේ. එතුල ඇත්තේ ව්‍යාජ සමාරෝපණයකි. නළුවා සිය පුද්ගලිකත්වය අමතක කර කෙනෙකුගේ පුද්ගලිකත්වයක් ආරූඪ කරගැනීම සමාරෝපණයේදී සිදුවේ.
සමාරෝපය කොටස් දෙකකට බෙදේ
1)අභ්‍යන්තර
සමාරෝපය
2)බාහිර සමාරෝපය
අභ්‍යන්තර සමාරෝපය
නලුවා යම් චරිතයකට ප්‍රවිෂ්ට වී එහි චරිතය තුළ ජීවත්
වෙමින් එය ප්‍රකාශයට පත් කිරීම අභ්‍යන්තර සමාරෝපයයි. ආංගික අභිනය හා වාචික අභිනය
මගින් චරිත අභ්‍යන්තරය ඔහු නිරූපණය කරන අතර ප්‍රේක්ෂකයා එමගින් චරිත ස්වභාවය අවබෝධ
කරගනියි.
උදා :
මහාචාර්ය
එදිරිවීර සරත් සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ හැසිරීම් රටාවෙන්
ඔහුගේ චරිතයේ පවතින ධාරණ ප්‍රේමය,ශෝකය හා ප්‍රේමය පිළිබිඹු වේ.


සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස නාට්‍යයේ යසලාලකතිස්ස
රජුගේ චරිත නිරූපණයෙන් රජුගේ චරිතයේ පවතින ස්ත්‍රී ලොල් බව හා සුරාවට ලොල් බව
පෙන්නුම් කරයි.
දේශීය ගැමි නාට්‍ය හා ශාන්තිකර්ම තුළ අභ්‍යන්තර සමාරෝපණ ක්‍රියාවලිය සාර්ථකව දැකිය හැක.
උදා :
පහතරට ප්‍රදේශයේ පැවැත්වෙන කෝලම් ගැමි නාට්‍යයේ දී නොංචි අක්කාගේ චරිතයට සමාරෝපය වන නළුවා හාස්‍යජනක මෙන්ම කපටි ගති ගුණ පිළිබිඹු කරමින් සරාගික අයුරින් හැසිරෙමින් අභ්‍යන්තර සමාරෝපය සිදු සිදුකරයි.
නලුවා සිය රංග කාර්යයේ දී භාවිතා කරන වේදිකා පසුතලය සහිත
රංගභූමිය මෙයින් අදහස් කෙරේ . ගැමි නාට්‍ය
හා ශාන්තිකර්ම තුළ දක්නට ලැබෙනුයේ එළිමහන් රංග ස්ථානයයි. මෙකී පුද්ගල, ද්‍රව්‍යමය හා
ස්ථානීය සමාරෝපය එකිනෙකට බැඳී පවතී. ඇදුම් පැළඳුම් හා අංග රචනයෙන් අදාල වේෂය
ලබාගැනීම බාහිර සමාරෝපයයි. මෙය ප්‍රේක්ෂකයාට දෘශ්‍යමාන වෙයි . බාහිර සමාරෝපය කොටස්
තුනකට බෙදා දක්වයි.
1) පුද්ගල
සමාරෝපය
2) ද්‍රව්‍යමය
සමාරෝපය
3)ස්ථානීය
සමාරෝපය
1)පුද්ගල සමාරෝපය
නලුවා ඇඳුම් පැළඳුම් හා අංග රචනයෙන් යම් චරිතයකට පිවිසීම මෙයින් අදහස් කෙරේ. නළුවා වේදිකාවට පිවිසෙත්ම ප්‍රේක්ෂකයා එකී චරිතය අවබෝධ කරගනුයේ පුද්ගල සමාරෝපයෙනි.
උදා :
මනමේ නාට්‍යයේ රතු කළු තීරු ගණනාවකින් යුත් මනමේ කුමරියගේ වෙස් මෝස්තරය මෙහි කළු තීරු මගින් දුක්ඛිත ස්වභාවයත් රතු තීරු මගින් සරාගික බවත් ප්‍රදර්ශනය කෙරේ.
දේශීය ගැමි නාට්‍ය හා ශාන්තිකර්ම තුළද මෙය දැකිය හැක. මිනිසුන් ලෙස සන්නි යකුමේදී එකී රෝගයට ගැළපෙන ලෙස වෙස්මුහුණු හා ඇඳුම් මගින් පිරිමි යකදුරන් සන්නි යකුගේ චරිතයට සමාරෝපය වේ.
උදා : සොකරි
නාට්‍යයේදී පිරිමි නළුවෙකු විසින් සොකරිගේ චරිතයට පිවිසීම.
2) ද්‍රව්‍යමය
සමාරෝපය
නලුවා සිය රූපන කාර්යයේ දී භාවිතා කරන රංග භාණ්ඩ හා
වේදිකාවේ තැන්පත් කර ඇති රංග භාණ්ඩ මෙයින් අදහස් කෙරේ .
උදා : එදිරිවීර සරත් සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ හා සිංහබාහුගේ
අතෙහි වූ දුණු ඊතල
දේශීය ගැමි නාට්‍ය හා ශාන්තිකර්මවල අමුද්‍රව්‍ය වලින් සකස්කරගත් රංග භාණ්ඩ දක්නට ලැබේ.
උදා : සොකරි නාටකයේ පරයාගේ අතෙහි වූ ගෙවී ගිය ඉලපත් කොටය
3)ස්ථානීය
සමාරෝපය
නලුවා සිය රංග කාර්යයේ දී භාවිතා කරන වේදිකා පසුතලය සහිත
රංගභූමිය මෙයින් අදහස් කෙරේ . ගැමි නාට්‍ය
හා ශාන්තිකර්ම තුළ දක්නට ලැබෙනුයේ එළිමහන් රංගස්ථානයයි.
මෙකී පුද්ගල, ද්‍රව්‍යමය හා ස්ථානීය සමාරෝපය එකිනෙකට බැඳී පවතී.



Comments
Post a Comment