සමාරෝපණය නළුවා සිය භාව්‍ය ස්වරූපය අතහැර (උපතින් ලද ස්වරූපය ) වෙනත් කෙනෙකුගේ භාව්‍ය ස්වරූපයන් ආරෝපණය කරගැනීම සමාරෝපණය නම් වේ. ප්‍රවිෂ්ඨ වීම , ආරූඪ වීම , ආවේශ වීම , සමවැදීම , මෙයට කියන සමාන වචන වේ. එහෙත් සමාජයෙහි ආවේශ වීම ආරූඪ යන වචන භාවිතා කිරීමේදී සැබෑ ලෙසම සිදු වන බව විශ්වාස කෙරේ. යමෙකුට යක්ෂාවේශ වෙනවා දේවාරූඪ වෙනවා යනුවෙන් භාවිතා කිරීමේදී සත්‍ය ලෙසම එය සිදුවන බව විශ්වාස කෙරේ.මිනිස්සුන් එය බොරුවක් ලෙස නොසලකති. නමුත් නාට්‍යයේදී නළුවා සත්‍ය ලෙසම චරිතයට සමාරෝපය නොවේ. එතුල ඇත්තේ ව්‍යාජ සමාරෝපණයකි. නළුවා සිය පුද්ගලිකත්වය අමතක කර කෙනෙකුගේ පුද්ගලිකත්වයක් ආරූඪ කරගැනීම සමාරෝපණයේදී සිදුවේ. සමාරෝපය කොටස් දෙකකට බෙදේ 1) අභ්‍යන්තර සමාරෝපය 2) බාහිර සමාරෝපය අභ්‍යන්තර සමාරෝපය නලුවා යම් චරිතයකට ප්‍රවිෂ්ට වී එහි චරිතය තුළ ජීවත් වෙමින් එය ප්‍රකාශයට පත් කිරීම අභ්‍ය...