Skip to main content

Posts

සමාරෝපණය

  සමාරෝපණය නළුවා සිය භාව්‍ය ස්වරූපය අතහැර   (උපතින් ලද ස්වරූපය )   වෙනත් කෙනෙකුගේ   භාව්‍ය   ස්වරූපයන් ආරෝපණය කරගැනීම සමාරෝපණය නම් වේ.   ප්‍රවිෂ්ඨ වීම , ආරූඪ වීම , ආවේශ වීම , සමවැදීම , මෙයට කියන සමාන වචන වේ.    එහෙත් සමාජයෙහි ආවේශ වීම ආරූඪ යන වචන භාවිතා කිරීමේදී සැබෑ ලෙසම සිදු වන බව විශ්වාස කෙරේ.   යමෙකුට   යක්ෂාවේශ වෙනවා දේවාරූඪ වෙනවා යනුවෙන් භාවිතා කිරීමේදී සත්‍ය ලෙසම එය සිදුවන බව විශ්වාස කෙරේ.මිනිස්සුන් එය බොරුවක් ලෙස නොසලකති.   නමුත් නාට්‍යයේදී නළුවා සත්‍ය ලෙසම චරිතයට සමාරෝපය නොවේ. එතුල ඇත්තේ ව්‍යාජ සමාරෝපණයකි.   නළුවා සිය පුද්ගලිකත්වය අමතක   කර කෙනෙකුගේ පුද්ගලිකත්වයක්   ආරූඪ කරගැනීම සමාරෝපණයේදී සිදුවේ.                    සමාරෝපය කොටස් දෙකකට බෙදේ     1) අභ්‍යන්තර සමාරෝපය   2) බාහිර සමාරෝපය   අභ්‍යන්තර සමාරෝපය නලුවා යම් චරිතයකට ප්‍රවිෂ්ට වී එහි චරිතය තුළ ජීවත් වෙමින් එය ප්‍රකාශයට පත් කිරීම අභ්‍ය...
Recent posts

නාට්‍ය ශෛලිය

  නාට්‍ය ශෛලිය නාට්‍යයක ප්‍රකාශන විලාශය නාට්‍ය ශෛලිය ලෙස හඳුන්වා දිය හැකිය. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව ප්‍රධාන නාට්‍ය ශෛලීන් ද්විත්වයකි. (1) ලෝක ධර්මී (2) නාට්‍ය ධර්මී ලෝක ධර්මී ශෛලිය භරත මුනිවරයා නාට්‍ය ශාස්ත්‍රයේදී ලෝක ධර්මී ශෛලිය හඳුන්වා දී ඇත්තේ මෙසේය. 'චරිතයන්ගේ ස්වාභාවික ගති පැවතුම් පදනම් කොටගෙන සම්පාදිතව ඇත්නම්, එය ලෞකික ක්‍රියා ඇතුළත්ව පවත්නේ නම්, අංග ලීලාවන් නොමැති ස්වාභාවික අභිනය ක්‍රමයකින් යුක්ත වේ නම් එය ලෝක ධර්මී වේ.' ඒ අනුව සැබෑ ලෝකයේ සිදුවන පරිද්දෙන්ම නාට්‍යයක ක්‍රියා හා සංවාද යථා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම ලෝක ධර්මී නම් වේ. දේශීය උදාහරණ  (1)  සුගතපාල ද සිල්වා - බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්  (2) ආර්. ආර්. සමරකෝන් - කැලණි පාලම, අහසින් වැටුණු මිනිස්සු  (3) රංජිත් ධර්මකීර්ති - මෝදර මෝල (4) ප්‍රේමරංජිත් තිලකරත්න - වහලක් නැති ගෙයක් විදේශීය උදාහරණ  (1) හෙන්රික් ඉබ්සන් බෝනික්කි ගෙදර (Doll's House) ජන හතුරා (An Enemy of the People) සමාජයේ කුළුණු (Pillars of Society) (2) ඇන්ටන් චෙකෝෆ් - චෙරිවත්ත (The Cherry Orchard) මුහුදු ලිහිණියා (The Seagull)...

සතර අභිනය

  . ..සතර අභිනය ..... අභිනය යනු ඉදිරියට ගෙන යාම හෙවත් ගෙනහැර පෑමයි.භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය නම් ග්‍රන්ථයේ  අභිනයන් හතරක් පිලිබඳව කරුණු දක්වා ඇත.එම අභිනයන් සතර අභිනය ලෙස හැඳින්වේ... 1) ආංගික අභිනය  2) වාචික අභිනය  3) සාත්වික අභිනය  4) ආහාර්ය අභිනය   🔴 ආංගික අභිනය යනු :  නලු නිලියන් තම අඟ පසඟ චලනයන්  මගින් අදහස් ප්‍රකාශ කිරීමයි.අත් පා හැසිරවීම,ගමන් විලාශය,ආහාර ගැනීම ආදී මිනිසාගේ චලනයන් ආංගික අභිනයෙන් දැක්වේ   🔴 වාචික අභිනය යනු:       දෙබස් , ගීත මගින් (වචනයෙන්) අදහස් ප්‍රකාශ කිරීමයි 🔴 සාත්වික අභිනය යනු:                                                                            මුහුණේ ඉරියව් මගින් අදහස් ප්‍රකාශ කිරීමයි.දුක,සතුට බිය,කෝපට,පුදුමය ආදී හැ‍ඟීම් සාත්වික         අභිනයෙන් පෙන්විය හැක 🔴 ආහාර්ය අභිනය යනු: ...